Disney සහ Pixar සමාගම් එකතු වෙලා 2006 අවුරුද්දේ ගෙනාපු සුපිරි "Cars" පළමු චිත්‍රපටිය මතක ඇතිනේ? අන්න ඒ කතාවේ දෙවැනි කොටස තමයි Cars 2 කියන්නේ. හැබැයි පළමු චිත්‍රපටියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්, ත්‍රාසජනක මෙන්ම රහස් පරීක්ෂක (Spy/Action) තේමාවක් යටතේ තමයි මේ දෙවැනි කොටස නිර්මාණය වෙලා තියෙන්නේ.
සාරාංශය (Movie Plot)
සුපිරි ධාවන ශූර ලයිට්නින් මැක්කුයින් (Lightning McQueen) ලෝකයේ වේගවත්ම වාහනය තෝරන "World Grand Prix" තරඟාවලියට සහභාගී වෙන්න තමන්ගේ හොඳම යාළුවා වෙන මේටර් (Mater) වත් එක්කගෙන ජපානය, ඉතාලිය සහ එංගලන්තය බලා සංචාරය කරනවා.
හැබැයි මේ අතරතුර, ලෝක ඉන්ධන වෙළඳපොළ විනාශ කරන්න හදන රහස් කල්ලියකගේ කුමන්ත්‍රණයකට මේටර් අහම්බෙන් මැදිහත් වෙනවා. එහිදී බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ (British Intelligence) ප්‍රධාන ඔත්තුකරුවෙක් වෙන ෆින් මැක්මිසයිල් (Finn McMissile) ට වැරදීමකින් හිතෙන්නේ මේටර් කියන්නේත් ඉතාමත් දක්ෂ රහස් ඒජන්තවරයෙක් කියලා. ඉතින් මැක්කුයින් රේස් පදින අතරේ, මේටර්ට සිද්ධ වෙනවා ලෝකය බේරගන්න ලොකු රහස් මෙහෙයුමකට නායකත්වය දෙන්න.

0 Comments